Buy Sri Lankan made Pumkin seeds Supplement online

Volume : Weight : 150 g
Dimensions : L : 6 cm x W : 6 cm x H : 10 cm
View Products of apex_aura Delivery is available to anywhere in Sri Lanka
Rs. 4,110.00

Rs. 3,904.50
-
+
500 more available
පම්කින් සීඩ් (ඉදුණු වට්ටක්කා ඇට) අතිරේකආහාරයකී





වට්ටක්කා බොහෝ රටවල පෝෂණ ගුණයෙන් සපිරි එළවළුවක් ලෙස සැලකේ.එමෙන්ම වට්ටක්කා ඇට භාවිතයට නොගෙන ඉවතලන අවස්ථා අප දැක ඇත්තෙමු.එහෙත් වට්ටක්කා ඇටවල ඇති පෝෂණ ගුණය විශ්ලේෂණය කර බැලුවහොත් එය තවදුරටත් එය නොසලකා හරින ද්‍රව්‍යයක් බවට පත්වනු ඇත. ඉදුණු වට්ටක්කා ඇට ඉතා කුඩා ප්‍රමාණයකින් (අවුන්සයකින් පමණ)මනුෂයෙකුට දිනකට අවශ්‍ය සින්ක්, මැග්නීසියම්,අයන් ඔමේගා 3,ඔමේගා 6 සහ අත්‍යවශ්‍ය විටමින් ප්‍රමාණය ලබා දෙනු ඇත.එය අධික රැධිර පීඩනය සහ බරපතල හෘද රෝග අවදානම් අඩු කරයි.Zn ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය කරයි.


*නිරෝගී හදවත


වට්ටක්කා ඇට අඩුකෝප්ප 1/4ක පමණ දිනකට අවශ්‍ය එය ප්‍රමාණයෙන් අර්ධයක කිට්ටු ප්‍රමාණයක් ඇත. එය ජීව විද්‍යාත්මකව ඉතා ක්‍රියාවන් රාශියකට වැදගත් වේ.එනම් ATP නිෂ්පාදනය, DNA සහ RNA සංස්ලේෂණය, හෘදයෙන් රැධිරය පොම්ප කිරිම,මනා අස්ථි හා දත්ත සැකැස්ම රැධිර නාල වල විස්තාරණය සහ මනා ලෙස අත්ත්‍ර ක්‍රියාත්මක වීම ආදියයි එමෙන්ම එය රැධිර පීඩනය මනාව පවත්වා ගැනීම සහ හෘද අකරණය,හෘදයාබාධ ,අඝාතය වැළැක්වීම සිදු කරයි.


* ප්‍රතිශක්තිය වර්ධනය


වට්ටක්කා ඇට යනු විශාල සින්ක් ගබඩාවකි Zn මනුෂය ශරීර සදහා විවිධාකාරයෙන් වැදගත් වේ. එනම් ප්‍රතිශක්ති වර්ධනය. සෛල වර්ධනය හා බෙදීම,නින්ද,මනෝභාවයන් පවත්වා ගැනිම රස හා ඝ්‍රාණ සංවේදන,අක්ෂි හා චර්ම නිරෝගිතාව, ඉන්සියුලින් යාමනය හා ප්‍රරැෂ ලිංගික ක්‍රියාවන් ආදියයි.


* ශාකමය ඔමේගා- 3 මේදය


වට්ටක්කා ඇට ශාකමය ඔමෙගා - 3 මේදය Alpha-linoletc acid (ALA) ප්‍රධාන ප්‍රභවයකි.


* පුරස්ථි ග්‍රන්ථියෙහි නිරෝගිතාව


වට්ටක්කා ඇට පුරස්ථි ග්‍රන්ථියේ සෞඛ්‍ය පවත්වා ගැනිමට වැදගත් වන අතර පුරස්ථි ග්‍රන්ථියේ විශාල විම(Benign prostatc hyperplast) සදහා ප්‍රතිකාරයක් ලෙස යොදා ගනී. වට්ටක්කා ඇට පුරස්ථි ග්‍රන්ථියේ ආරක්ෂාව සදහා වැදගත් වන Phytosterol නම් සංඝටකයක් ඇත.එමගින් පුරස්ථි ග්‍රන්ථියේ හකුලවාලීම කරනු ලැබේ. එමෙන්ම ටෙස්ටොස්ටෙරෝන්,ඩයිහයිඩ්‍රොටෙස්ටොස්ටරෝන් බවට පරිවර්තනය කිරිම වළකනු ඇත.එමගින් ද ඇට පුරස්ථි ග්‍රන්ථියේ වීශාල වීම වැළකේ.


* දියවැඩියාව මර්ධනයට බලපෑම


වට්ටක්කා ඇට ඉන්සියුලින් යාමනය සදහා උපකාරී වන අතර,ඔක්සිකරණ ක්‍රියාවලිය මර්ධනය කිරිම මගින් දියවැඩියාව උපද්‍රව ඇතිවීම වැලකීම.


* ආර්ථවහරණය වු කාන්තාවන් සදහා බලපෑම


වට්ටක්කා ඇට ස්භාවික phytoestrogen වලින් පොහොසත් ද්‍රව්‍යයකි. HDL කොලෙස්ටරෝල් ප්‍රමාණය වර්ධනය කිරිම, රැධිර පීඩනය,මානසික ආතතිය, සන්ධි වේදනා කෂණිකව වන ශරීරීක උෂ්ණත්වය ඉහළ යාම අනේකුත් පශ්චාත් ආර්ථවහරණ සංකුලතා අවම කිරිම මෙම Phytoestrogen මගින් කරනු ලැබේ.


• හෘදයේ හා අක්මාවේ සෞඛ්‍ය


වට්ටක්කා ඇට ඔමේගා 3 හා ඔමේගා 6 මේද අම්ල, ප්‍රතිඔක්සිකාරක හා තන්තු වලින් බහුල වු ද්‍රව්‍යයකි මෙම රසායනික සංඝටකයන්ගේ සංකලනය හෘදය හා අක්මාව සදහා හිතකර වේ. නත්තු මගින් රැධිර කොලෙස්ටරෝල් මටිටම අඩුකර අතර එමගින් හෘද රෝග ඇතිවීමේ අවදානම අඩු කරයි. ඔමේගා 3 මේද අම්ල මගින් රැධිර කැටි ඇතිවීමේ හා හෘද ස්පන්දනය විෂමතා ඇතිවීමේ අවදානම අඩු කරයි එමගින් හෘදයාබාධ ,ආඝාත,ක්ෂණික හෘද අක්‍රිය වීම ඇතිවිම වළකයි.එමෙන් රැධිර LDL මට්ටම ට්‍රයිග්ලිසරයිඩ මට්ටම සහ සම්පුර්ණ කොලෙස්ටරෝල් මට්ටම අඩු විම, රැධිරනාල වල කැටි සෑදීම අඩු කිරිම,අන්තශ්ජද ක්‍රියාවලින් මර්ධනය කිරිම සහ රැධිර පීඩනය තරමන් දුරට අඩු කිරිම ඔමේගා 3 මගින් කරනු ලැබේ .


• සුව පහසු නින්දක් සදහා


වට්ටක්කා ඇට Tryptophan සහ Annino acid වලින් බහුල වු ද්‍රව්‍යයකි Tryptophan,"serotonin " Melatanin නිෂ්පාදනය සදහා උපකාරී වේ .melatonin යනු නින්ද ඇති කරන හෝමෝනයකි. නින්ද යාමට පැය කිහිපයකට පෙර වට්ටක්කා ඇට කිහිපයක් පළතුරු වර්ගයක් වැනි පිෂ්ඨය සහිත ආහාරයක් සමග අනුභවයෙන් නින්ද ඇති කිරිම සිදු වේ.





වට්ටක්කා ඇට වල අඩංගු තෙල් ශරීරයේ ප්‍රදාහය එනම් ඉදිමුම සුව කිරිමට බලපාන බව සොයාගෙන ඇත..ITI ආයතනයේ සහ ආයුර්වේද 
දෙපාර්තමේන්තුවේ අනුමැතිය ඇත 
ISO 9001:2008 
ISO 22000:2005 
HCCPA 
GMP certifications.