Buy Sri Lankan made Natural Bee Honey online

Volume : Weight : (150 g - 1.0 kg)
View Products of rhs_bee_honey Delivery is available to anywhere in Sri Lanka
Rs. 500.00

Rs. 475.00
Please select a size
S
M
L
XL
-
+

දිනපතා මී පැණි හැන්දක් පාරිබෝජනය කළොතින් ලැබෙන විශ්මිත සෞඛ්‍ය වාසි 8ක්

...........................................................................


සෞඛ්‍ය සම්පන්න ජිවිතයක් ගත කිරීමට අපි නිරන්තරයෙන් උත්සාහ කරමු. මේ අරමුණ ඉටු කර ගැනීම සදහා බොහෝ දෙනෙක් දිනපතා ව්‍යායාම් කිරීමට පුරුදුව සිටියි. ව්‍යායාම් මගින් අස්ථි ශක්තිමත් වන අතර හදවත සෞඛ්‍ය යහපත් අගයක පවත්වා ගනී. පලතුරු හා එළවළු ආහාරයට ගැනීමෙන් ශරීරයේ පෝෂ්‍ය පදාර්ථ සෑදීමට අවශ්‍ය විටමින් සහ ඛනිජ වර්ග ඔබට ලබා දෙනු ඇත. නමුත් දිනපතා මී පැණි අනුභව කිරීම මගින් යහපත් සෞඛ්‍යක් පවත්වා ගැනීමට හැකි බව ඔබ අසා තිබේද ? ඇත්තෙන්ම මී පැණි මගින් එතරම් ආශ්චර්යක් සිදු කල හැකිද? පර්යේෂණවලින් පෙනී යන්නේ එය කළ හැකි බවයි!


මී පැණි , මී මැස්සන්ගෙන් හා ඒ හා සම්බන්ධිත තවත් කෘමීන්ගේ උදව්වෙන් නිෂ්පාධනය වේ. ක්ෂුද්‍ර ජීවී ක්‍රියාවලින් , මී පැණි මත වර්ධනය නොවන නිසා නරක් වීමකින් තොරව දිගු කාලයක් ගබඩා කර තබා ගත හැක.


ඔබේ සම පිරිසිදුව තබයි

ඔබ දැනටමත් ඔබේ සම රැක ගැනීමට උනන්දුවක් නොමැති කෙනෙක් නම් ප්‍රථමයෙන්ම ඒ සදහා අවධානය යොමු කල යුතුයි. සම යනු ඔබේ බාහිර රුපය ලස්සනට පවත්වා ගැනීමට හා අභ්‍යන්තර ඉන්ද්‍රියන්ගේ ආරක්ෂාව පවත්වා ගැනීමට අතවශ්‍ය වන දෙයක් වන අතර එය පිරිසිදුව හා නිරෝගිව තබා ගැනීම ඉතාම වැදගත් වේ. ඔබට සෞඛ්‍ය සම්පන්න සමක් අවශ්‍ය නම් දිනපතා මී පැණි පරිභෝජනය කිරීමට පුරුදු වන්න. මී පැණි සතු වන ප්‍රතිඔක්සිකාරක ගුණ මගින් ඔබේ ශරීරයේ විෂ සහිත ද්‍රව්‍ය ඉවත් කිරීමට උපකාරි වනු ඇත. ඔබේ සම පිරිසිදුව තබා ගැනීමට මී පැණි සතු ප්‍රතිබැක්ටිරියා ගුණ හේතු වනු ඇත.


අතිරික්ත ශරීර බර අඩු කරයි

ඔබ ඔබේ වෛද්‍යවරයා වෙත ගොස් බර අඩු කර ගැනීමට අවශ්‍ය බව පැවසුවොත් ඔවුන් ඔබේ ආහාර වෙලේ සීනි කපා හරිනු ඇත. නමුත් සිනි වෙනුවට ආදේශකයක් ලෙස මධ්‍යස්ථ මට්ටමින් මීපැණි භාවිතා කිරීමට ඔබට පුළුවන්. මී පැණි මගින් ඔබේ සිරුරේ පරිවෘත්තීය ක්‍රියාවලිය වේගවත් කර ඔබේ බර අඩු කිරීමේ ඉලක්කය කරා පහසුවෙන් යාමට උපකාරි වනු ඇත.


කොලෙස්ටරෝල් අඩු කරයි

විද්‍යාත්මක ලෝක ජර්නලයේ (Scientific World Journal) ප්‍රකාශයට පත් කළ අධ්‍යනයකින් හෙළි වුණේ මී පැණි භාවිතා කිරීම මගින් ශරීරයේ අහිතකර කොලෙස්ටරෝල් ප්‍රමාණය සියයට 3 කින් අඩු කර ගත හැකි බවයි. මෙම අධ්‍යනය සදහා සහභාගී වුවන්ට දින 30ක් තිස්සේ මී පැණි ග්‍රෑම් 70 ක් පරිභෝජනය කිරීමට නියෝග කලහ.


එහිදී ඔවුන්ගේ සමස්ථ කොලෙස්ටරෝල් ප්‍රමාණය සියයට 3 කින් අඩු වූ බව නිරීක්ෂණය කරන ලදී. Journal of Medicine and Food හි ප්‍රකාශයට පත් වූ තවත් අධ්‍යනයකින් සොයා ගත්තේ මී පැණි භාවිතය මගින් අහිතකර කොලෙස්ටරෝල් ප්‍රමාණය සියයට 8කින් පමණ අඩු කර ගත හැකි බවයි.


ඔබේ හදවත ශක්තිමත් කරයි

මී පැණි ආහාරයට ගැනීමෙන් රුධිර ධමනි පටු වීමෙන් වළක්වා ගත හැකි බව පර්යේෂණය මගින් හෙළි වී තිබෙනවා . ධමනි පටු වීම මගින් බොහෝ ලෙඩ රෝග ඇති විය හැක. එලෙස පටු වන ධමනියේ ස්භාවය අනුව හදවත අක්‍රිය වීම , හිසේ කැක්කුම, සහ සෙමින් සෙමින් ඔබේ මතක ශක්තිය අහිමි වීම වැනි රෝග තත්ව ඇති විය හැක. දිනපතා මී පැණි පාරිබෝජනය කිරීම මගින් මේ තත්වයන් අවම කර ගත හැකියි


වඩා හොඳ මතකයක් ලබා දෙයි

රොයිටර් සෞඛ්‍ය (Reuters Health) මගින් මී පැණි පරිභෝජනය හා වඩා හොඳ මතකයක් ලැබීම අතර සම්බන්ධයක් පවතීද යන්න තහවුරු කර ගැනීමට අධ්‍යනයක් පවත්වන ලදී. එහිදී සමාන බුද්ධි මට්ටමක් සහිත සෞඛ්‍ය සම්පන්න කාන්තාවන් එකසිය දෙදෙනෙකුට (102) මී පැණි පාරිබෝජනය කිරීම, හෝමෝන වර්ග ලබා ගැනීම හෝ කිසිවක් නොකරන ලෙස ඉල්ලා සිටියහ. මාස හතරක් තිස්සේ සහභාගී වූවෝ මේවායින් එකක් අනුගමනය කළහ. මාස හතරකට පසුව, මී පැණි ලබාගත් ගැහැනුන්ට කෙටි මතක පරික්ෂණයක් තුල මතක තබා ගැනීමට වචන 15 ක් දෙන විට තවත් අමතර වචනයක් මතක තබා ගැනීමට හැකි විය. මී පැණි තුල ඇති කැල්සියම් මොළයට පහසුවෙන් උකහා ගන්නා නිසා මතක ශක්තිය වර්ධනය වේ.


හොද නින්දක් ලැබෙයි

නින්දට යාමට පෙර මී පැණි පාරිබෝජනය කළොතින් ඔබට පුංචි දරුවෙකු මෙන් නිදා ගැනීමට හැකියි. මී පැණි තුල ඇති සීනි, අපගේ ඉන්සියුලින් මට්ටම් තරමක් වැඩි කරන අතර එමගින් triptophhan නැමති සංයෝගයට වඩා පහසුවෙන් මොළයට ඇතුළු වීමට ඉඩ ලබා දෙයි. triptophhan යනු අපට ස්වාභාවිකව නිදීමත ඇති කරවන ශරීරය තුල සෑදෙන සංයෝගයයි.


නිරෝගී උදරයක් පවත්වා ගත හැකියි

ඔබ නිරන්තරයෙන් බඩ පුරවා දැමීම හා ආහාර නිසි ලෙස නොදිරවීමෙන් (අජීර්ණය) පීඩා විඳිනවා නම් මී පැණි එයට කදිම බෙහෙතකි.මී පැණි සතු විෂබීජ නාශක ගුණාංග මගින් ජීර්ණ ක්‍රියාවලිය වේගවත් කර උදරය තුල වායුව උදාසීන කිරීමද සිදු කරයි. මෙමගින් ඔබට වඩා සැහැල්ලුවක් දැනෙනු ඇත.


මානසික ගැටළු විසදා ගැනීමට

ශරීරයේ ඇති නියුරෝන නිසි පරිදි ක්‍රියා කිරීම සඳහා ග්ලූකෝස් අවශ්‍ය වේ. මී පැණි වල ඇති ග්ලූකෝස් අපගේ ලේ සැපයුමට පහසුවෙන්ම අවශෝෂණය වන නිසා ඇතැම් මානසික ආබාධ ලිහිල් කිරීමට හා මගහැරවීමට උපකාර වේ. කෙසේ වෙතත් ඔබ මානසික රෝග වලින් පීඩා විඳිනවා නම්, මී පැණි ලබා ගැනීම වෙනුවට වෛද්‍ය වෘත්තිකයකු මුණ ගැසී කතා කිරීම වඩාත්ම සුදුසු දේ බව අප නිර්දේශ කරමි. විකල්පයක් වශයෙන් මී පැණි ගැනීම සුදුසුදැයි යන්න ඔබට ඔහුගෙන් හෝ ඇයගෙන් විමසිය හැකිය.


මී පැණි පාරිබෝජනයෙන් ලැබෙන සෞඛ්‍ය වාසි පිලිබදව  සැකසු මේ ලිපිය ඔබට ප්‍රයෝජනවත් උනා නම් තවත් කෙනෙකුට බැලීම සදහා ඉහල ඇති Share බොත්තම මගින් ශෙයා කරන්න. ඔබගේ වටිනා කාලය වැය කරමින් මෙම ලිපිය කියවුවාට බොහොම ස්තුතියි.. ඔබට සුබ දවසක්